IMF නියෝජිතයින් පිරිසක් ලබන 02 වැනි දා දිවයිනට

IMF නියෝජිතයින් පිරිසක් ලබන 02 වැනි දා දිවයිනට

ආර්ථික ප්‍රතිසංස්කරණ තුන්වන ණය වාරිකය ලබා ගැනීම වෙනුවෙන් නව ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අනිද්දා (02) මෙරටට පැමිණීමට නියමිතය.

ආසියා – ශාන්තිකර කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ඔවුන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට නියමිත බව සඳහන් වේ.

මෙම අයි.එම්.එෆ්. නියෝජිත මණ්ඩල සංචාරයට පසු ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල සමග ඇතුළත් වී තිබෙන ප්‍රගතිය තක්සේරු කරනු ඇති අතර නොවැම්බර් මාසයේදී මීළඟ මූල්‍ය වාරිකය ලබා දීම ගැන තීරණය කරනු ඇති බව ද වාර්තා වේ.

අයි.එම්.එෆ්. නියෝජිතයන් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කරනු ඇත.