ගැටළුවට ලක් වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් අවසන් තීරණය

ගැටළුවට ලක් වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් අවසන් තීරණය

මෙවර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් උද්ගතවූ ගැටලුවට වඩාත් සුදුසුම විකල්පය වන්නේ විභාගය පැවැත්වීමට පෙර සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම බවට අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ.

ඒ අනුව, නැවත විභාගය නොපැවැත්වීමටත් නියමිත පරිදි ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකර සියළු දරුවන්ගේ ශිෂ්‍යත්ව ලකුණු හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.