ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් සාමාන්‍ය රාජකාරී වලට

ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් සාමාන්‍ය රාජකාරී වලට

ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇති නිලධාරීන්, සාමාන්‍ය රාජකාරී සඳහා අනුයුක්ත කරන බව, වැඩබලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

(28) පස්වරුවේ මහනුවරට පැමිණි අවස්ථාවේදී ඔහු ඒ බව සඳහන් කළා.

ශ්‍රී දළදා මාළිගාවට පැමිණි වැඩබලන පොලිස්පතිවරයා පළමුව, දළදා සමිඳුන් වැඳ පුදා ගත් අතර
එහිදී ඔහු පිළිගත්තේ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ය.

අනතුරුව වැඩබලන පොලිස්පතිවරයා, මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක, ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී මාධ්‍යවේදීන් ඒ මහතාගෙන් අසා සිටියේ පසුගිය සමයේ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වූවා ද යන්නයි.

එහිදී වැඩබලන පොලිස්පතිවරයා මෙලෙස සඳහන් කළා

“ක්‍රියාත්මක වීමේ සිදුවුණ අඩුපාඩු අපි නිරික්ෂණය කළා ඒවත් නිවැරදි කරමින් පොලීසියට අනපනත් වලින් ලැබී ඇති බලතල අනුව පොලීසිය මෙහෙයුම් කටයුතු ඉදිරියේදී නොනවත්ව සිදුකරනවා.

වෙනත් රාජකාරි වල යොදවලා හිටපු නිලධාරීන් ඒ සඳහා යොමු කිරීමෙන් ඊට වැඩිය ධාරිතාවකින් යුක්තව ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා.

පොලීසියේ නිලධාරීන්ගේ හිඟයක් තියෙනවා.

ඒ හිඟයට විකල්ප පිළිතුරක් විදිහට මේ දක්වා වෙනත් රාජකාරිවල යොදවා සිටි නිලධාරීන් ඒ අවශ්‍යතාවය මත මහජන සේවය නිසි ආකාරව ඉටුකිරීම සඳහා විශේෂයෙන් අපරාධ වැළැක්වීම සඳහා යොදාගන්න කටයුතු කරනවා..“