දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

යම් තැනැත්තෙක් එලෙස නොකරන්නේ නම් නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොලියකට යටත් වන බවත් මෙම දඩ හෝ පොලී අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු කරනු නොලබන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

තවද ඕනෑම බදු වර්ගයක් සඳහා යම් තැනැත්තෙකු විසින් ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමෙන් ඇතිවූ හිඟ බදු පවතී නම් ඒ සියල්ල ඔක්තෝබර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු වේ.

එදිනට පසුව තවදුරටත් නොගෙවා සිටින හිඟබදු පවතී නම් ඒවා අය කර ගැනීමට දේශීය ආදායම් පනතේ සඳහන් පරිදි නීතිමය කටයුතු ඇතුළුව සියලුම ආකාරයේ අය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවනු ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ ගැන වැඩිදුරු තොරතුරු අවශ්‍ය නම් 1944 අංකය අමතා හෝ ආසන්නම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලය සමඟ සම්බන්ධ වී විස්තර ලබා ගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.