මෙරට අත්අඩංගුවේ සිටින සියලුම ඉන්දීය ධීවරයන් නිදහස් කරන්නැයි ඉල්ලා ජනපතිට ලිපියක්

මෙරට අත්අඩංගුවේ සිටින සියලුම ඉන්දීය ධීවරයන් නිදහස් කරන්නැයි ඉල්ලා ජනපතිට ලිපියක්

තම ජනාධිපති බලතල යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ සිරගෙවල්වල වෙසෙන සියලුම ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට නියෝග කර අලුත් ආරම්භයක් ලබා දෙන ලෙස ඉන්දීය කොංග්‍රස් මන්ත්‍රී ආර් සුධා ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය ඉන්දීය මහ මැතිවරණයේ දී මයිලඩුතුරෙයි මැතිවරණ කොට්ඨාසයෙන් ඇය පාර්ලිමේන්තවට තේරී පත් වූවාය.

ශ්‍රී ලංකාවට නව දිශානතියක් ලබා දීම සම්බන්ධයෙන් වන ජනාධිපතිවරයාගේ ප්‍රකාශිත අරමුණට එවැනි ක්‍රියාවක් විශාල ශක්තියක් එකතු කරනු ඇති බවද ඇය සදහන් කරයි.

ඉන්දීය ධීවරයන් නිදහස් කර ඔවුන්ගේ සියලුම බෝට්ටු හැකි ඉක්මණින් භාවිතයට ගත හැකි තත්ත්වයට පත්කර දෙන ලෙසද ඇය ඉල්ලා තිබේ.

මයිලඩුතුරෙයි මැතිවරණ කොට්ඨාසයේ ධීවරයන් 37 දෙනා නිදහස් කිරීමෙන් ප්‍රකාශිත අරමුණට හොඳ ආරම්භයක් ගත හැකි බවත්, තවත් ධීවරයන් 80ක් සහ ධීවර බෝට්ටු 173ක් ශ්‍රී ලංකා භාරයේ පවතින බවත් ඇය සඳහන් කර ඇත.