පක්ෂය හැර ගිය අයට නාමල්ගෙන් ආරාධනා

පක්ෂය හැර ගිය අයට නාමල්ගෙන් ආරාධනා

පසුගිය ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක් වූ පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට ආරාධනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඉදිරි මහ මැතිවරණය සඳහා පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත්, දක්ෂ තරුණ තරුණයින්ට වැඩි අවස්ථාවන් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කර සිටියා.