“පාසල් උත්සව වලට දේශපාලනඥයන් ගෙන්වීම වහාම නතර කල යුතුයි”

“පාසල් උත්සව වලට දේශපාලනඥයන් ගෙන්වීම වහාම නතර කල යුතුයි”

පාසල් උත්සව සඳහා දේශපාලනඥයන් ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

අධ්‍යාපන අමාත්‍යංශයේ සියලු අංශවල නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක් වූ අගමැතිනිය පෙන්වා දී ඇත්තේ, පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරීම වත්මන් රජයේ පුමුඛ අරමුණක් බවයි.

නව රජය යටතේ අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට තීරණය කර තිබෙන බව ද ඇය සඳහන් කර කළාය.

“ගුරු පුරප්පාඩු පිරවීමේදී නිසි ක්‍රමවේදයක් මගින් සිදුවිය යුතුයි.

ජනතාව තුල විශ්වාසය ඇති වන පරිදි විනිවිද භාවයෙන් පුරප්පාඩු පිරවීම සිදු කරන්න වෙනවා.

පාසල් පැත්තෙන් මට පොඩි යෝජනාවක් තියෙනවා.

පාසල් වල මානසික සෞඛ්‍ය මානසික අසහන පිළිබඳ ප්‍රශ්න තිබෙනවා .

මේ ගැන අපි මැදිහත් වෙන්නම ඕන, යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය කීවාය.”

COMMENTS