කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට

25 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) පෙරවරු 9.00ට සිට ආරම්භ වේ.

ඒ, කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදීයි.

පොත් ප්‍රදර්ශනය ඔත්තෝබර් මස 06 වනදා දක්වා දින11කාලයක් උදෑසන 09 සිට රාත්‍රී 09 දක්වා විවෘතව පවතී.

මේ, ඒ පිළිබඳව කරුණු දැක්වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.