බිත්තර ආනයනය නතර කරයි

බිත්තර ආනයනය නතර කරයි

දේශීය බිත්තර මිල අඩු වීම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නවතා දමා ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පසුගිය කාලය තුළ දේශීය බිත්තර මිල රුපියල් 55, 65 දක්වා ඉහළ යාම හේතුවෙන් සහන මිලකට ජනතාවට බිත්තර ලබා දීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පසුගිය රජය පියවර ගත්තේය.

මාසයකට බිත්තර මිලියන 3 බැගින් ආනයනය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු පවා අවසන් කර තිබූ බවද වාර්තාවේ.

මේ වනවිට දේශීය බිත්තර මිල පහළ යාම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම අවශ්‍ය නැතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.