වජිරගේ තවත් වීර ක්‍රියාවක්

වජිරගේ තවත් වීර ක්‍රියාවක්

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය සඳහා කිෂාන් තියඩෝර් මහතා පත්කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

තවද මෙම පත්කිරීම වජිර අබේවර්ධන සහ රවී කරුණානායක යන අයගේ දැඩි උවමනාව මත සිදුකරන්නට යන බවටද වාර්තා වේ.

මෙය එක්සත් ජාතික පක්ෂය අගාධයට ඇද දැමීමට මුල්වූ වජිර අබේවර්ධනගේ තවත් වීර ක්‍රියාවක් ලෙසට දේශපාලන තතු දන්නෝ ප්‍රකාශ කර තිබේ.

තත්ත්වය කෙසේ වුවද දැනට පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් මේ සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැතැයි දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් රංගේ බණ්ඩාර මහතාගේ දියණිය වන එරන්ති රංගේ බණ්ඩාර මහත්මියගෙන් අප කළ විමසීමේදී ඇය කියා සිටියේ, තවමත් නිල වශයෙන් තම පියා පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කළ බවට දැනුවත් කර නොමැති බවයි.