ජනාධිපති – මහ බැංකු අධිපති සමග විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති – මහ බැංකු අධිපති සමග විශේෂ සාකච්ඡාවක්

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද සහභාගී වී තිබේ.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ඇතුළු ආර්ථිකයට බලපාන කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.