පාර්ලිමේන්තුව විසුරුවා හැරේ – ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරේ – ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

අද (24) මධ්‍යම රාත්‍රීයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා අත්සන් තබා ඇති අතර, එය මේ වන විටත් රජයේ මුද්‍රණාලාධිපතිනිය වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති බවද ඇය තහවුරු කළාය.

ඒ අනුව අභිනව පාර්ලිමේන්තුව 2024 නොවැම්බර් මස 21 වැනි දින රැස්වීම සඳහා කැඳවන බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කරගන්නා දිනය වශයෙන් 2024 නොවැම්බර් මස 14 වැනි දිනය නියම කර තිබේ.