මහමැතිවරණය ගැන සජිත්ගේ තීරණය

මහමැතිවරණය ගැන සජිත්ගේ තීරණය

ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂයා තමා බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම යෝජනාව අද පැවති පක්ෂයේ විශේෂ රැස්වීමේදී ඒකමතිකව සම්මතවූ බව ඒ මහතා පැවසීය.

සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම, එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමග කිසිදු සන්ධානගත වීමක් සිදු නොවන බව ඔහු ප්‍රකාශ කළේය.