රොෂාන් ගුණතිලක ඉල්ලා අස්වෙයි

රොෂාන් ගුණතිලක ඉල්ලා අස්වෙයි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් රොෂාන් ගුණතිලක මහතා ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකරමින් ඒ මහතා ඉල්ලා අස්වෙන බව දැනුම්දී ඇත.

2020.03.25 වන දින සිට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් තමා වෙත පැවරී තිබූ බලතල අනුව බස්නාහිර පළාතේ හා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ උන්නතිය උදෙසා මෙන්ම බස්නාහිර ජනතාවගේ යහපත වෙනුවෙන් උපරිම ශක්තියෙන් කටයුතු කළ බව ද ඒ මහතා අදාළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබේ.