ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තකයි

ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තකයි

සියයට 12.5 ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගැනීම හේතුවෙන් ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

2024 ජනාධිපතිවරණයේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 79% කට අධිකයි.

2019 වසරේ ප්‍රකාශිත ප්‍රතිශතය 83%ක් ලෙස පැවති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කර නොමැති පිරිස ලක්ෂ 35 කට අධිකයි.