ජපානයේ ඉසූ දූපත්වල රික්ටර් මාපකයේ 5.9 ක ප්‍රභල භූකම්පනයක්

ජපානයේ ඉසූ දූපත්වල රික්ටර් මාපකයේ 5.9 ක ප්‍රභල භූකම්පනයක්

ජපානයේ ටෝකියෝ හි ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.9 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගෙන තිබෙන බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

එම භූමිකම්පාව හටගැනීමත් සමග සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලෙස භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ජපාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව, ඉසූ දූපත් වෙත එරට වේලාවෙන් පෙරවරු 8.30 ට සහ ඔගසවාරා දුපත් වෙත එරට වේලාවෙන් පෙරවරු 9.00ට මීටරයක් උස සුනාමි රළ ඇතිවිය හැකි බවට පවසමින් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව භූමිකම්පාවෙන් මිනිත්තු 40 කට පමණ පසු ඉසු දූපත් සමූහයට අයත් හචිජෝ දූපතට සෙන්ටිමීටර 50ක පමණ උසැති උදම් රළක් පැමිණ ඇති බවයි, විදෙස් වාර්තා සදහන් කළේ.