රනිල් යළි මැතිවරණයකට තරඟ නොකිරීමේ තීරණයක්

රනිල් යළි මැතිවරණයකට තරඟ නොකිරීමේ තීරණයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

එසේම ඒ මහතා ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පැමිණීමට බලාපොරොත්තුවක් නැතැයි සඳහන් කර ඇතැයි ද රුවන් විජයවර්ධන මහතා අද (24) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.