ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පයෙක් ,තිර රචකයෙක්, ගීත රචකයෙක් සහ නාට්‍ය නිෂ්පාදකයෙක් වූ ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 77 වැනි වියේ පසුවිය.

ඔහු කලක් සිංහල සංස්කෘතික ආයතනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

ඩබ්ලිව් .ජයසිරි විසින් පබැදින ලද ප්‍රථම ගීතය පටිගත වන්නේ 70′ දශකයේ මුල් භාගයේදීයි.. 1973 වසරේ සිට දාහකින් එකෙක්, දියමන්‍ති, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත් , සෙලීමා , චිට්ටි , අයෝමා ආදී චිත්‍රපට වලට ඔහු දායක වුණා.

එසේම ඉතින් ඊට පස්සේ, කූඹියෝ, රන් දම්වැල් ආදී ටෙලිනාට්‍ය වලටද ඔහු දායක විය.

මීට අමතරව ඔහු දුම්බරා හිනැහෙන්නේ (බඹරු ඇවිත්),ආදරයේ ඔබ ඔබමයි (බඹරු ඇවිත්) ආදී ප්‍රසිද්ධ ගීතද රචනා කර තිබෙනවා.