ජාතික ජන බලවේගයෙන් නිවේදනයක්

ජාතික ජන බලවේගයෙන් නිවේදනයක්

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න විශ්වාස කරන බවත් ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා ඉතාම නිවැරදිව හා නිරවුල් කිරීමට මැතිවරණ කොමිසම සහ නිලධාරීන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ කටයුතු කරනු ඇතැයිද අපි විශ්වාස කරන බවත් පශ්චාත් මැතිවරණ කාලයේ රට තුළ උපරිම සාමකාමී තත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින අතර රට තුළ සාමකාමීත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහා උපරිම සහාය දක්වන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ජන බලවේගය එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.