මිරිහානේදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කරලා

මිරිහානේදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කරලා

නුගේගොඩ, ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 35 හැවිරිදි මුතු ආතර්ගේ ජයනි ද සිල්වා නමැති පැඟිරිවත්ත, සන්තානම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මියගිය නීතිඥවරිය යටතේ සේවය කළ රියදුරු විසින් අදාළ ඝාතනය සිදුකළ බවට අනාවරණය වූ බව පොලීසිය පවසයි.

මේ අතර සැකකරු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව ද අලුත්ගම පොලිසිය පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හක්මන, පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.

සැකකරු බෙන්තර ගගට පැනීමට සූදානම් වී එය ව්‍යර්ථවීමෙන් පසු ගග අසල ඇති පොලිස් මාර්ග බාධකයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මිරිහාන පොලිසියට භාරදීමට නියමිතව තිබුණි.