ජ’පුර විශ්වවිද්‍යාලය යළි විවෘත කෙරේ

ජ’පුර විශ්වවිද්‍යාලය යළි විවෘත කෙරේ

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඉකුත් 12 වනදා සවස 6.00 සිට වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ලබන 24 වැනිදා යළි විවෘත කරන බව එහි පාලනාධිකාරිය දැනුම්දෙයි.

ඒ අනුව, නේවාසික සිසුන්ට 23 වැනිදා සිට නැවත නේවාසිකාගාරවලට පැමිණිය හැකි බවද ඔවුන් පවසයි.