යම් කඩා­ක­ප්ප­ල්කාරී දෙයක් වුණොත් ඒ ඡන්ද මධ්‍ය­ස්ථා­නය ශූන්‍ය කිරී­මට කට­යුතු කර­නවා

යම් කඩා­ක­ප්ප­ල්කාරී දෙයක් වුණොත් ඒ ඡන්ද මධ්‍ය­ස්ථා­නය ශූන්‍ය කිරී­මට කට­යුතු කර­නවා

ඡන්ද මධ්‍ය­ස්ථා­න­යක යම් කඩා­ක­ප්ප­ල්කාරී ක්‍රියා­වක් සිදු වුව­හොත් එහි ඡන්දය ශූන්‍ය කිරී­මට කට­යුතු කරන බව මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා පැව­සීය.

අදාළ ඡන්ද ස්ථානා­ධි­ප­ති­ව­ර­යාගේ වාර්තාව අනුව ඒ කට­යුතු සිදු කරන ඔහු රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (19) පැවැති විශේෂ මාධ්‍ය හමු­ව­කට එක්වෙමින් පැව­සීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කර­මින් ඒ මහතා මෙසේද පැව­සීය.

එය සමස්ත ඡන්ද ප්‍රති­ශ­ත­යට බල­පානු ලබන්නේ නම් ඒ ශූන්‍ය කළ මධ්‍ය­ස්ථා­න­වල ඡන්ද ප්‍රති­ඵ­ලය නැවත ඡන්ද විම­සී­මක් පවත්වා අව­සන් කරන තුරු සමස්ත ඡන්ද ප්‍රති­ඵ­ලය ප්‍රකා­ශ­යට පත් කර­න්නේනෑ.

ඒ නිසා ඡන්ද මධ්‍ය­ස්ථා­න­වල අන­වශ්‍ය ලෙස ගැව­සී­මෙන්, ඡන්දය කඩා­ක­ප්පල් කිරීමේ ක්‍රියා­වල යෙදී­මෙන් වැළකී සිටින ලෙස දන්වා සිටි­නවා.

සාමය ආරක්ෂා කිරී­මට පොලි­සිය සහ ත්‍රිවිධ හමු­දාව විසින් විවිධ පිය­වර ගනු ලබ­නවා.

21 වැනිදා ඡන්ද මධ්‍ය­ස්ථා­න­ව­ලින් ඡන්ද පෙට්ටි ලැබී­මෙන් අන­තු­රුව නිල­ධා­රින් හා අනෙ­කුත් අව­ශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7.ට පමණ දිස්ත්‍රි­ක්ක­වල ඒ ඒ ගණන් කිරීමේ මධ්‍ය­ස්ථා­න­වල ගණන් කිරීම ආරම්භ වෙනවා.

තැපැල් ඡන්ද ගණන් කිරීම ප.ව. 4.15ට පමණ ආරම්භ කිරී­මට දැනට කට­යුතු කරලා තිබෙ­නවා.