මැතිවරණ රාජකාරි සඳහා බස් රථ 1358 ක්

මැතිවරණ රාජකාරි සඳහා බස් රථ 1358 ක්

ජනාධිපතිවරණයේ රාජකාරි කටයුතු සඳහා බස් රථ 1358 ක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා සිදුකර ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම බස්රථ ලබා දීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ.

මෙයට අමතරව පොලිස් රාජකාරි කටයුතු සඳහා ද බස්රථ 175 ක් පමණ ලබාදීමට නියමිතය.