කඩු 10 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කඩු 10 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

දෙයියන්දර අතපත්තුකන්ද ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ කඩු 10 ක් සමඟ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව දෙයියන්දර පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙයියන්දර ,අතපත්තුකන්ද ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලීසිය පැවැසීය.

පොලිසියට ලැබුනු තොරතුරකට අනුව ඊයේ (17) දින කරන ලද වැටලීමකදී නිවසක නිදන කාමරයේ තිබූ ඇදක් යට සගවා තිබියදී කඩු 10ක් සොයා ගත් බවට පොලීසිය පැවැසීය.

එක් කඩුවක් අඩි දෙකහමාරක දිගින් යුතු අතර, එවැනි කඩු දහයක් සැකකරු සන්තකයේ තිබී සොයා ගෙන තිබුණි.