සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ආදායමක්

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ආදායමක්

මෙම වසරේ ජනවාරි 1 වනදා සිට සැප්තැම්බර් 15 වනදා දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 15,200ක වාර්තාගත ආදායමක් උපයා ඇතිබව පැවසේ.

පසුගිය වසරේ එම කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව උපයා තිබූ ආදායම රුපියල් කෝටි 12,200ක් වන අතර ඒ අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි සඳහන් කළේ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මේ වසරේ එම කාලයේදී ආදායම 25%ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

2023 වසරේ සිය දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 17,900ක ආදායමක් ලබා ගෙන තිබෙන බවත් මේ වසරේ රුපියල් කෝටි 23,200ක ආදායමක් ලබා ගැනීමට ඉලක්ක කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.