කැන්වසින් අත්පත්‍රිකාව එපා කියූ වෙළඳසැල් හිමිකරුවෙකුට සජබ ආසන සංවිධායකගෙන් ප්‍රහාරයක්

කැන්වසින් අත්පත්‍රිකාව එපා කියූ වෙළඳසැල් හිමිකරුවෙකුට සජබ ආසන සංවිධායකගෙන් ප්‍රහාරයක්

සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් නැමැත්තා වෙළඳසැල් හිමියෙකුට පහර දී තිබෙනවා.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටි අවස්ථාවේ ආසන සංවිධායකවරයා මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (15) දිනයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට එක්ව සිටි නාවලපිටිය ආසන සංවිධායකවරයා වෙළදසැල තුළට පැමිණ එහි හිමිකරුට අත්පත්‍රිකාවක් ලබාදීමට යාමේ දී වෙළදසැල්හිමියා එය ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එහිදේ කෝප වූ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් වෙළදසැල්හිමියාට මෙලෙස පාර දී ඇති බවයි වාර්තා වන්නේ.