මරණයකින් කෙලවර වූ ගැටුම

මරණයකින් කෙලවර වූ ගැටුම

වඳුරව ප්‍රදේශයේ අසල්වැසි නිවැසියන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසු එක් පුද්ගලයකු මියගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, වඳුරව ප්‍රදේශයේ පදිංචිව සිටි ලලිත් කුමාර නමැති දෙදරු පියෙක් බව පොලිසිය සඳහන් කරයි.

පවුල් අරාවුලක් හේතු කරගෙන මෙම පුද්ගලයන් දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී තිබෙන අතර එම අවස්ථාවේ කඩු පොලු සහිතව සිදුකෙරුණු පහර දීමකින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ඒ ස්ථානයේම මියගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

පුද්ගලයා තුවාල ලබා වැටී සිටිය දී සුව සැරිය ගිලන් රථ සේවය කැඳවා ඇතත් ඒ වන විට ඔහු මිය ගොස් සිටි බව හෙළි වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අවිවාහක තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විවිධ වැරදි වලට සම්බන්ධ පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කරයි.