ජනාධිපති අපේක්ෂකයින් ෆේස්බුක් ඇඩ්වලට වියදම් කළ හැටි එළියට

ජනාධිපති අපේක්ෂකයින් ෆේස්බුක් ඇඩ්වලට වියදම් කළ හැටි එළියට

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් කිහිපදෙනෙකු Meta වේදිකා හරහා සිය දේශපාලන දැන්වීම් සහ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති මුදල් ප්‍රමාණයන් පිළිබඳව දත්ත වාර්තාවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංසරණය වෙමින් පවතී.

එම දත්ත වාර්තාවට අනුව ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා Meta Ads සදහා පසුගිය දින 90 ක කාලය තුළ රුපියල් 33,230,360ක මුදලක් වියදම් කර තිබේ.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා රුපියල් 7,142,795 ක මුදලක් Meta Ads සදහා වියදම් කර ඇති බව එම වාර්තාවේ සඳහන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දින 90 ක කාලය තුළ Meta Ads සදහා රුපියල් 32,514,220ක මුදලක් වියදම් කර ඇති අතර නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා රුපියල් 8,579,955 ක මුදලක් ඒ සඳහා වියදම් කර තිබේ.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ රුපියල් 665,202ක මුදලක් මෙම ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කටයුතු සඳහා වියදම්කර තිබේ.

මව්බිම ජනතා පක්ෂයේ අපේක්ෂක දිලිත් ජයවීර මහතා රුපියල් 1,631,750ක මුදලක් සහ ජනක රත්නායක මහතා රුපියල් 1,907,165ක මුදලක් Meta Ads සදහා වියදම්කර ඇති බව එම දත්ත වාර්තාවේ සඳහන්.