ඇමති ශෙහාන්ගේ වාහනය හැප්පූ ASP

ඇමති ශෙහාන්ගේ වාහනය හැප්පූ ASP

පුත්තලම, පාලවිය ප්‍රදේශයේ දී ඊයේ (14) රාත්‍රියේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ගමන් ගත් රථයේ පොලිස් නිලධාරියෙකු ගමන් ගත් නිල රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස නිල රථයෙන් පැමිණ ගැටී ඇත්තේ, පුත්තලම සහකාර පොලිස් අධිකාරීවරයා (රථවාහන) වන අතර, අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය මගින් එම සහකාර පොලිස් අධිකාරීවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ, මෙම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බවත්, අනතුර සිදුවන අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරීවරයා බීමත්ව සිටියේද, නැද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින බවත් ය.