රජයේ නියාමනයට යටත් නොවන හොරිවිල වෙද මැදුරට උතුරුමැද පළාත් කාර්යාලයෙන් ලක්ෂ 51ක් දීලා
රජයේ නියාමනයට යටත් නොවන කිසිදු සහන ගාස්තු ක්‍රමයක් නොමැතිව ක්‍රියාත්මක වන හොරිවිල වෙද ගෙදර වාට්ටු සංකිර්ණයක් ඉදිකිරිම සදහා උතුරැ මැද පළාත් සභාව මගින් රැපියල් 5,193,756 මුදලක් වැය කොට ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් මෙම වසරේ නිකුත් කළ විගණක වාර්තාවකින් හෙළිදරව් කොට තිබේ.
මුදල් කොමිෂන් සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාවයට පටහැනිව ප්රමුඛ සංවර්ධන අවශ්‍යතා සහිත විශේෂ සංවර්ධන ව්‍යාපාතිය යටතේ මෙම ඉදිකිරිම් සිදුකොට තිබෙන බවද එම වාර්තාවේ සදහන්ය.
හොරිවිල වෙද මැදුරේ හිමිකරුවන් විසින් පළාත් ආණ්ඩුකාරවරයා ගෙන් සිදුකළ ඉල්ලිමකට මෙම ඉදිකිරිම් පසුගිය 2023 වසරේ සිදුකොට ඇති බව පළාත් සභාවේ උසස් නිලධාරියෙක් පැවසිය.
මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා කියා සිටියේ මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් කිසිවක් තමන්ට මතක නැති බවයි.