රත්මලාන දුම්රිය අංගනයට සොරකමේ පැමිණි අයෙක් ආරක්ෂකයාට පිහියෙන් ඇනලා

රත්මලාන දුම්රිය අංගනයට සොරකමේ පැමිණි අයෙක් ආරක්ෂකයාට පිහියෙන් ඇනලා

රත්මලාන දුම්රිය අංගනයට සොරකමේ පැමිණි සැකකරුවකු එල්ල කළ පිහිපහරකින් දුම්රිය ආරක්ෂක අංශයේ උප පරීක්ෂකවරයකු තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව දුම්රිය ආරක්ෂක අංශය පවසයි.

ආරක්ෂක අංශයේ උප පරීක්ෂකවරයාගේ අතේ මැණික් කටුව අසලින් කැපී ගොස් තුවාල ලබා ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

දුම්රිය අංගනයට පැන රුපියල් 161.171.69 වටිනා SCREW COUPLING එකක් සොරා ගෙනයාමට තැත් කළ සැකකරුවන් දෙදෙනා දුම්රිය ආරක්ෂක අංශය අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස ස්ථානයට බාරදී ඇත.

සිද්ධිය වූ දින සැකකරුවන් දුම්රිය අංගනයේ තාප්පයෙන් පැන කර්මාන්ත කලාපයට ඇතුළු වී ඇති අතර වරින් වර සිදුවන සොරකම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශය නිරන්තරයෙන් සෙවිල්ලෙන් සිට තිබේ.

සිද්ධිය වූ දින සැකකරුවන් දෙදෙනා පුරුදු පරිදි දුම්රිය අංගනයට ඇතුළු වී ඇති අතර සැකකරුවන් සොරකම සිදුකර පලායෑමට දැරූ උත්සාහය නවතලමින් උප පරික්ෂකවරයා සැකකරුගේ කකුලෙන් අල්ලාගෙන සිට ඇත.

එම අවස්ථාවේදී කකුල අල්ලාගෙන සිටීම වළකාලීමට සැකකරු විසින් තුවාලකරුගේ අතේ මැණිකටුව අසල ප්‍රදේශයට පිහිපහර එල්ල කර තිබේ.