ගාල්ලේ දී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ගාල්ලේ දී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ගාල්ල – රත්ගම විජේරත්න මාවතේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 45 හා 55 පමණ වයස්වල පසුවන දොඩන්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ තුන්දෙනෙකු ගමන් කර ඇති අතර, එක් අයෙකු පලාගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.