IMF මීළඟ සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුවයි

IMF මීළඟ සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුවයි

IMF මීළඟ සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ජූලී කෝසැක් ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළාය.

එහිදී ජූලී කෝසැක් වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහකයා තීරණය කළ යුත්තේ ජනතාව බවයි.

ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව අපගේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියට කරගෙන යන බව ද ඇය කියා සිටියාය.