සජබයට යන පුවත ගැන අමරවීරගෙන් ප්‍රකාශයක්

සජබයට යන පුවත ගැන අමරවීරගෙන් ප්‍රකාශයක්

තමා සමගි ජන බලවේගයට යන බව පවසමින් එක්තරා වෙබ් අඩවියක් පළ කර ඇති පුවත මුළුමනින්ම සාවද්‍ය බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ වනවිට තමා කොළඹ රැදී සිටින්නේ සදුදා හා අඟහරුවාදා දිනවල පමනක් බවත් ඉතිරි සියලු දිනයන්හි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ගම්මානවලට යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරවීම උදෙසා මහජනතාව දැනුම්වත් කිරීමේ කටයුතු සංවිධානය කිරීම සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

එවැනි අවස්ථාවක අදාළ වෙබ් අඩවිය විසින් පළකර තිබෙන පුවත මුළුමනින්ම අසත්‍ය බවත්, කිසිසේත්ම තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර වෙනත් පක්ෂයක සාමාජිකත්වය නොගන්නා බවත්, මෙවර ජනාධිපතිවරණයේ දී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා දී ජයග්‍රහණය කරවීම සඳහා මේ වනවිට සියලු පියවර ගෙන අවසන් බවත් අමාත්‍යවරයා පවසයි.

ඇතැම් මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය පරාජයෙන් වියරු වැටී සිටින ඇතැම් දේශපාලනඥයින්ගේ මුදල් ලබා ගනිමින් තම වෙබ් අඩවිවල පළ කරන මෙවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස ද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලයි.