ගතවු කාලය තුළ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න මට පුළුවන් උනා – රනිල්

ගතවු කාලය තුළ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න මට පුළුවන් උනා – රනිල්

ආර්ථීක වශයෙන් ගොඩනැගෙමින් පවතින රට යළි ආපසු හැරවීමට ඉඩ නොතැබිය යුතු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ගතවු කාලය තුළ තමාට හැකි වු බවය.

“මම ජනාධිපති වුණේ රටේ ආර්ථිකය කැඩුණු අවස්ථාවක. මතකද 2020, 2022 එදා බඩු මිල හුඟාක් වැඩි වෙලා තිබුණේ. 2019 ඩොලරයකට රුපියල් 185.00 යි. 2020 – 2022 දී ඒක 370.00 ක් වුණා.

අපේ ආදායම් වැඩි වුණේ නෑ. මං ගත්ත පියවර නිසා අපි රුපියල ශක්තිමත් කළා. තවත් ජීවන බරක් තියෙනවා. ඊළඟ අවුරුදු 05 දී ඒක විසඳන්න තමා මම ඉන්නේ.

ඊළඟ අවුරුද්ද වෙනකොට ජීවන බර තවත් සැහැල්ලු කරන්න. අලුත් ආර්ථිකයක් තිරුකොවිල්වලට දෙන්න.”

“ඒ නිසා තමයි අද අපි රටේ ආර්ථිකය අලුතින් ගේන්නේ. මුළු ලෝකයටම ආහාර දෙන්න කෘෂි නවීකරණයක් කරන්නේ.

මේ පළාත් සභාව තවත් ශක්තිමත් කරන්න. මේ සංවර්ධන වැඩ කටයුතු කරන්න බලතල දෙන්න.

මේ අනාගතය දෙන්න ඕන තරුණ අයට. ඒ ගොල්ලන්ට ඒ විශ්වාසයක් තියෙන්න ඕන තව අවුරුදු 20කින් මීට වඩා හොඳ රටක අපි ජීවත් වෙනවා කියලා.

මෙහාට හොඳ අනාගතයක් ඇති කරන්න, මේ පරිපාලන ප්‍රශ්න විසඳන්න. සජිත්ටවත්, අනුරටවත් මේවා කරන්න බැහැ. කතා කරන්න විතරයි පුළුවන්.

ඒගොල්ලෝ ආවොත් ආර්ථිකය ආපහු කඩාගෙන වැටෙනවා. ඒක කරන්න කැමති ද? නෑ…… එහෙම නම් සැප්තැම්බර් 21 වෙනි දා ගෑස් සිලින්ඩරය ළඟින් කතිරේ ගහන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඒක නොකෙරුවොත් ගෑසුත් නෑ….. තිරුකෝවිල් දියුණුවකුත් නෑ…..”