මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය කඩිමුඩියේ විවෘත කිරීම බලධාරීන් අත්හිටුවයි

මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය කඩිමුඩියේ විවෘත කිරීම බලධාරීන් අත්හිටුවයි

මහව සිට අනුරාධපුරය දක්වා නවීකරණය කරන ලද නව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් අද (12) කඩිමුඩියේ ආරම්භ කිරීමට සූදානම් කර තිබී ඇති අතර එය අවලංගු කිරීමට දුම්රිය බලධාරීහු පියවර ගෙන ඈති බව වාර්තා වේ.

අඹන්පොල.ගැටදිවුල ප්‍රදේශයේ ඉදිවන වන අලි උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද නිසි ලෙස නිමකර නැති අතර මහව අනුරාධපුර අතර දුම්රිය ස්ථාන හතෙන් හයක ප්‍රතිසංස්කරණ කටයුතු නිසිපරිදි නිමකොට නොමැත.

මේ වනවිට වැඩ නිමකොට ඇත්තේ තඹුත්තේගම දුම්රිය ස්ථානයේ ඉදිකිරිම් පමණි.විදුලි සංඥා පද්ධතිය ද නිසිපරිදි නිමකොට නොමැති බවයි දුම්රිය ආරංචි මාර්ග පවසන්නේ.

එසේ අඩුපාඩු රැසක් තිබිය දී මැතිවරණය ඉලක්ක කර ගනිමින් දුම්රිය ධාවන කටයුතු අද (12) දින ආරම්භ කිරීමටත් එයට සාපේක්ෂව උත්සවය අනුරාධපුරයේ දී පැවැත්වීමටත් වන අලි උමං මාර්ගය අසල දේශපාලඥයින්ට බැසීම සඳහා තාවකාලික වේදිකාවක් ඉදිකිරීමටත් අවශ්‍ය සැරසිලි කටයුතු සිදු කිරිමට ද සැලසුම්කර තිබූ බවයි වාර්තා වන්නේ.