පියාගේ තියුණු ආයුධ පහරින් පුතා මරුට

පියාගේ තියුණු ආයුධ පහරින් පුතා මරුට

ගල්කිස්ස පොලිස් වසමේ බොරුපන ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන අරඹා තිබෙනවා.

ඊයේ (11) පෙරවරුවේ දී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳට හා පුත්‍රයාට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව තිබෙන බව පැවසෙනවා.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 26ක් වූ බොරුපන, රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.