නාමල්ගේ රැස්වීමට එල්ල වූ ගල් ප්‍රහාරයෙන් දරුවෙක්ට තුවාල

නාමල්ගේ රැස්වීමට එල්ල වූ ගල් ප්‍රහාරයෙන් දරුවෙක්ට තුවාල

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එහිදී රැස්වීමට පැමිණ සිටි ළමයකු තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව හම්බන්තොට පොලිසිය පවසයි.

ගල් ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මයුරපුර රොටරි පාරේ පදිංචිව සිටින දරුවෙකි.

මෙම ජන හමුවට නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ ශිරන්තර රාජපක්ෂ සහභාගී වීමට නියමිතව තිබුණි.

සිද්ධිය සැලවීමත් සමග ඔවුන් රැස්වීමට පැමිණ තිබුණේ නැත. ශිරන්ති රාජපක්ෂ මහත්මිය තුවාල ලැබූ දරුවා සුව දුක් විමසීමට රෝහලට පැමිණ සිටියාය..

රැස්වීම් භූමියට ගල් ප්‍රහාර තුනක් පමණ එල්ල වී ඇතැයිද පොලිසිය පවසයි.