ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති, දේශන අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති, දේශන අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සියලුම උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.

කිසියම් තැනැත්තෙකු, ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග කඩකිරීම හෝ උල්ලංඝනය කිරීම සිදුකරන්නේ නම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරායා සඳහන් කළේය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනිදා විභාග මධ්‍යස්ථාන 2849 කදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.