ප්‍රභූ සම්මාන උත්තමාචාර ලැබූ ජලනි ප්‍රේමදාස ?

ප්‍රභූ සම්මාන උත්තමාචාර ලැබූ ජලනි ප්‍රේමදාස ?

සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාසට ගුවන් හමුදා උත්තමාචාර ලබාදෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකිරීමේ ජනහමු කිහිපයකට සහභාගී වීම සඳහා ජලනි ප්‍රේමදාස මහත්මිය ඊයේ (10) පෙරවරුවේ යාපනයට පැමිණි අවස්ථාවේ මාර්ගය දෙපස සිටින ගුවන් හමුදා නිලධාරීන් ඇයට මෙම උත්තමාචාරය ලබා දී ඇති බවටයි, වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ඇයට පසුපසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද ගමන් කරනු දක්නට ලැබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හෝ ඔහුව පිළිගැනීමට ලක්නොවීමද විශේෂත්වයකි.

ජනාධිපති ආර්යාවටද මෙවන් පිළිගැනීමක් නොලැබෙන අතර ජනාධිපති අපේක්ෂකයෙකුගේ බිරිදකට මෙලෙස හමුදා උත්තමාචාර ලැබෙන්නේ කෙසේදැයි බොහෝදෙනා විවේචන ඉරිදිපත් කරමින් සිටියි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පැහැදිලි කිරීමක් කරමින් සඳහන් කර ඇත්තේ, අදාළ වීඩියෝ පටයේ දක්නට ලැබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ජී.එල්. පීරිස් මහතාට ගුවන් හමුදාව විසින් පිරිනමන සාම්ප්‍රදායික පිළිගැනීමක් බවයි.