විජිත හේරත් මගේ මිත්‍රයා තමයි – නමුත් පාස්පෝට් එක ගැන කියලා තියෙන්නේ බොරු

විජිත හේරත් මගේ මිත්‍රයා තමයි – නමුත් පාස්පෝට් එක ගැන කියලා තියෙන්නේ බොරු

නව වීසා එක ගැනත් පාස්පෝට් එක ගැනත් තම මිත්‍ර විජිත හේරත් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා බොරු කියා ඇති බවත්, වීසා සහ පාස්පෝට් පිළිබඳ ඉදිරිපත්වන ඕනෑම චෝදනාවක් පිළිබඳව ඕනෑම පුද්ගලයෙක් සමග ඕනෑම තැනක විවාදයක් සඳහා තමන් සූදානම් බවත් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා පවසයි.

ජාතික ජන බලවේගය ඊයේ 09 දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පාස්පෝට් ගැටලුව සම්බන්ධයෙන් රජයට චෝදනාවක් එල්ල කර තිබිණි.

එම චෝදනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙලෙස පැවසීය

“පෝලිම් හැදුණේ පාස්පොට් එකේ අඩුකම නිසා නෙමෙයි. අපි ඉස්සරවෙලා පටන් ගත්තේ ඔන්ලයින් එපොයිමන්ට්. අපි රෑ 12ට ඔන්ලයින් එපොයිමන්ට් එක ඕපන් කළා.

මිනිත්තු 15ක් 20ක් යනකොට ඔක්කොම එපොයිමන්ට් ඉවරයි. එක කට්ටියක් සිම් පත් 100ක් පමණ අරගෙන එවලෙම එපොයිමන්ට් ටික අරගන්නවා.

ඒ එපොයිමන්ට් එන අහිංසක මිනිස්සුන්ට විකුණනවා රුපියල් 45,000කට. ඒක මම දැනගත්විට වහාම ඔන්ලයින් එක නවත්වන්න කිව්වා. නවත්තලා පෝලිමේ එන්න අරින්න කිව්වා.”,

“එතකොටත් පෝලිම හැදෙනවා ඉවරයක් නැහැ. ඊට පස්සේ පෝලිමේ ඉඳලා ඒක විකුණනවා රුපියල් 20,000ට 25,000ට. ඊට පස්සේ තමයි මම තීරණයක් ගත්තේ පෝලිම භාරගන්න කිව්වා පොලීසියට.

පොලිසියට කරන ක්‍රමය කිව්වා. ඒ දිනයෙන් පස්සේ දැන් 10.30, 11.30 වනවිට පෝලිම් ඉවරයි. පාස්පෝට් අවුලට ආගමන විගමන ලොක්කෝ පෝලන්තයට ගියා කිව්වා. මේවා අමූලික බොරු. දැන් පාස්පෝට් චීෆ් මෙතන ඉන්නවා.”

“මේ වීසා එක ගැනත් පාස්පෝට් එක ගැනත්,මම අද කියනවා ඕනම එක්කෙනෙක් එක්ක ඕනම තැනක විවෘත විවාදයකට එන්න ලෑස්තියි.විජිත හේරත් මගේ මිත්‍රයා නමුත් බොරු කියලා තියෙනවා.” ඇමති ටිරාන් අලස් පැවසුවේය.