දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 09 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 09 වන සඳුදා

රාහු කාලය
7:32 am – 9:04 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල දරයි. දුරගමන් ද යෙදේ. මහජන සබඳතා වර්ධන ක්‍රියාකාරකම් යෙදේ. තරමක් සතුරු බලපෑම් යෙදේ. ඉවසීමෙන් දවස සුපුරුදු ක්‍රියාවන්වල යෙදීම ද මැනවි. ශීර්ෂ රෝග, හෘදයාබාධ මතුකරයි.

Date: 2024-09-09

ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

තරමක් අවිවේකි බවක් මතුකරයි. රාජකාරි ස්ථානවල පැවැති බාධා ඉවත් වෙයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වෙයි. තරමක් මනසට අවිවේකි බවක් ගෙනදෙයි. දුරදිග බලා තීරණ ගත යුතුය. වාතාධික රෝග ද මතුකරයි.

Date: 2024-09-09

ජය අංකය: 01
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

තම ඥාති මිත්‍රාදීන් හා ඒකරාශීව ක්‍රියාකිරීමට සිදුවන අතර රාජකාරි ස්ථානවල පවතින ගැටලු ද විසඳා ගැනීමට සිදුවේ. මනස චංචල බැවින් ඉවසීමෙන් දවස ක්‍රියා කළ යුතුය. හදිසි ධන ලාභ ද ගෙනදෙයි. මූල රෝග, භගන්දර වැනි රෝග මතුවේ.

Date: 2024-09-09

ජය අංකය: 03
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

ක්‍රියාකාරකම් බහුලයි. තම ව්‍යාපාර ස්ථානවල පැවති බාධා ඉවත් කරගැනීමට හැකි වෙයි. මහජන සබඳතා වර්ධනය වෙයි. තරමක් වියපැහැදම් ඇති වන දිනකි. තම අරමුණු තරමක් ජය ගනී. සෙම් බහුල රෝග, උෂ්ණ රෝග මතුවේ.

Date: 2024-09-09

ජය අංකය: 06
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ක්‍රියාකාරකම් බහුල දිනකි. දාන මානාදී පුණ්‍ය කර්මවල යෙදේ. ප්‍රීති සාදවලට ද සහභාගි වීමට සිදුවේ. විනෝදජනක ක්‍රියාවල ද යෙදේ. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතු වේ. සෙම් කෝප රෝග සෑදේ.

Date: 2024-09-09

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ගමන් බිමන් බහුල වෙයි. දහමට ළැදිව ක්‍රියාකරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරයි. දුර ගමන්, වන්දනා ගමන් වැනි දේවලට ද හේතුයි. අමතර ලාභ ලබයි. සන්ධි ප්‍රදාහ රෝග සෑදෙයි.

Date: 2024-09-09

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ

තුලා

සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදන දිනකි. තම යහපත් අරමුණු ජය ගනී. නව සබඳතා නොයෙකුත් දාන සීලාදී ගුණධර්මවල යෙදේ. ඥාතින් අතර ප්‍රධාන වෙයි. මූල රෝග, අම්ලපිත්ත රෝග මතුකරයි.

Date: 2024-09-09

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්

වෘශ්චික

තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. දාන ශීලාදී ක්‍රියාවන්වල යෙදේ. මහජන ප්‍රසාදයට පත්වන ක්‍රියා ද යෙදේ. ප්‍රීති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. අභ්‍යන්තර ඉන්ද්‍රියයන්හි රෝග මතුවේ.

Date: 2024-09-09

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු

ධනු

ප්‍රීති උත්සව, සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. අලංකාර කටයුතු සඳහා වියපැහැදම් අධික වෙයි. ආගමික චාරිත්‍ර ගරු කරන දිනකි. හදිසි ධන ලාභ ලබයි. ආහාර විෂවීම්වලට හේතුයි.

Date: 2024-09-09

ජය අංකය: 04
ශුභ වර්ණය: කහ

මකර

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. තරමක් ආත්මාර්ථකාමි ගති මතුවෙයි. ආගමික චාරිත්‍ර, දාන ශීලාදී ගුණධර්මවලට ගරු කරයි. අවිවේකී බව දෙයි. හදිසි රෝග, කැපුම්, කෙටුම් යෙදේ.

Date: 2024-09-09

ජය අංකය: 02
ශුභ වර්ණය: නිල්

කුම්භ

ක්‍රියාශීලි දිනකි. නමුත් අවිවේකය ඇතිවෙයි. ප්‍රීති උත්සව, සුහදතා වර්ධනය කරන ක්‍රියා ආදියෙහි යෙදේ. ඇසුරින් දුරස්ථ ඥාති මිත්‍රාදීන් සමීප වෙයි. තෘප්තිමත්ව ක්‍රියාකරයි. ස්නායු රෝග මතුකරයි.

Date: 2024-09-09

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්

මීන

සැහැල්ලුවෙන් දවස ගෙවයි. දහමට අවතීර්ණව අධ්‍යාත්මික ගුණ කෙරෙහි අවධානයෙන් විය යුතු පදිංචියේ වෙනසකට ක්‍රියාකරයි. හදිසි ධනලාභ ද ලබයි. වාතාධික රෝග මතුකරයි.

Date: 2024-09-09

ජය අංකය: 09
ශුභ වර්ණය: ලා දුඹුරු