නාමල්ගේ ජන හමුවකට සෙල්ලම් පිස්තෝලයක් රැගෙන ආ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

නාමල්ගේ ජන හමුවකට සෙල්ලම් පිස්තෝලයක් රැගෙන ආ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානි සිනමා ශාලාවේ පැවැති ජන හමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රැස්වීම පැවැත්වෙන අතරතුරදී පාසල් සිසුවෙකු හා විශ්වවිද්‍යාල සිසුවෙකු රැස්වීම් ශාලාවට ඇතුළු වීමට උත්සාහ දැරීමේදී එහි සිටි නිලධාරීන් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී තරුණයන් සන්තකයේ ප්ලාස්ටික් පිස්තෝලයක් තිබී හමුවීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන වැලිමඩ පොලීසියට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

තම දෙමාපියන් එම රැස්වීම් ශාලාවේ සිටීම නිසා තමන් දෙදෙනා ආපසු නිවෙස් බලා යන බවට දැනුම් දීමට මෙසේ රැස්වීම් ශාලාවට පැමිණි බවයි සිසුන් දෙදෙනා ප්‍රකාශ කර තිබෙන්නේ.