ජීවිතය බේරූ සැනින් මරන්න වෙලා

ජීවිතය බේරූ සැනින් මරන්න වෙලා

වගා ළිඳකට වැටී සිටි වන අලිපැටියකු ප්‍රදේශවාශින්ගේ ද සහයෙන් වනජීවී නිළධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩගැනීමෙන් පසු කළහකාරී ලෙස හැසිරෙමින් කාන්තාවක පසු පස පන්නා යද්දී මෙල්ල කිරීමට තැබූ වෙඩි පහරකින් අලිපැටවා මියගිය බව වනජීවි නිලධාරීන් කියයි.

මහව වනජීවි කාර්යාල බළප්‍රදේශයේ කොහොඹකඩවල තමිමැන්නෑව ගුාමයේ අඩි 20 පමණ ගැඹුරු වගා ළිඳක ඉකුත් 4 දින රාත්‍රි කාලයේ වැටී සිටියදී ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මත වනජීවී නිලධාරීන් පැමිණ ප්‍රදෙශවාසීන් සමග එක්ව දැඩි පරිශ්‍රමයක් දරා අලිපැටවා ඉකුත් 5 දින පෙරවරුවෙි ගොඩගෙන බේරාගෙන තිබේ.

වගාලිඳෙන් ගොඩගත් වන අලිපැටවා කළහකාරී ලෙස හැසිරුණු මොහොතේ ඔහු අසලට ගිය කාන්තාවක පසු පස පැන්නීම නිසා වන ජීවීනිලධාරියකු ඔහු සතුව තිබු ගිනි අවිය ක්‍රියාත්මක කර තිබේ.

වෙඩි පහරින් තුවාල ලැබූ අලිපැටවා එහිදී මියගිය බවයි වාර්තා වන්නේ.