කෙන්යාවේ පාසලක ගින්නකින් සිසුන් 17ක් ජීවිතක්ෂයට

කෙන්යාවේ පාසලක ගින්නකින් සිසුන් 17ක් ජීවිතක්ෂයට

මධ්‍යම කෙන්යාවේ පාසලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් සිසුන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

තවත් 13 දෙනෙක් බරපතළ පිලිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති අතර, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි කෙන්යානු බලධාරීන් සඳහන් කරන්නේ.

ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැති අතර, ජනාධිපති විලියම් රූටෝ නියෝග කර ඇත්තේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

පුද්ගලික ප්‍රාථමික පාසලක නේවාසිකාගාරයක මෙම ගින්න සිදුව ඇති අතර, මිය ගිය සිසුන්ගේ වයස් තවමන් තහවුරු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

කෙන්යාවේ මධ්‍යම කඳුකරයේ, නයිරෝබි නගරයට උතුරින් කිලෝමීටර් 150ක් පමණ දුරකින් පිහිටි මෙම පාසලේ ළමුන් 800ක් පමණ අධ්‍යාපනය ලබන බවයි වාර්තා වන්නේ.