රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙක් ධූරයෙන් ඉවත් කෙරේ

රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙක් ධූරයෙන් ඉවත් කෙරේ

රාජ්‍ය අමාත්‍යවරුන් සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

ඒ අනුව, වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන මහත්වරුන් මෙලෙස ඔවුන්ගේ ධූරවලින් ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3) (අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත් කිරීම සිදු කර ඇත.