‘ICC අගෝස්තු මාසයේ ක්‍රීඩකයා’ නිර්දේශිත නම් අතරට දුනිත් එක්වෙයි

‘ICC අගෝස්තු මාසයේ ක්‍රීඩකයා’ නිර්දේශිත නම් අතරට දුනිත් එක්වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘මාසයේ ක්‍රීඩකයා’ සම්මානය සඳහා ශ්‍රී ලංකා යොවුන් තුන්ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නිර්දේශ කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ක්‍රීඩාකළ ඉන්දියාවට එරෙහි තරගාවලියේදී වෙල්ලාලගේ දක්ෂතා තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුනි.

දුනිත්ට අමතරවට අගෝස්තු මාසයේ ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී සිටින සෙසු ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ දකුණු අප්‍රිකාවේ කෙෂාව් මහරාජ් හා බ.ඉ. කොදෙව් ක්‍රීඩක ජේඩ්න් සීල්ස්ය.