රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමේ තීරණයට කැබිනට් අනුමැතියවත් නෑ – පැෆ්රල්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමේ තීරණයට කැබිනට් අනුමැතියවත් නෑ – පැෆ්රල්

තැපැල් ඡන්දයට ආසන්නව තිබියදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වයෙන් සිදුකළ ප්‍රකාශය, කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිදුකළ ප්‍රකාශයක් බවට මේ වනවිට අනාවරණය වී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටි ආරච්චි පවසනවා.

අද (05) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී විධායක අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළා.

”මේක ඇත්තටම කණගාටුදායක තත්ත්වයක් කැබිනට් මණ්ඩලය වැනි රාජ්‍ය මෙහෙයවන මූලික යාන්ත්‍රණය හරහා සිදුනොවුණු ක්‍රියාවලියක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුනා කියන පදනම මත ප්‍රකාශයට පත් කිරීම තැපැල් ඡන්දයට ආසන්නම දිනයක දී, මේක ඉතාම කණගාටුදායක, නොවිය යුතු සදාචාර විරෝධී කාරණයක් හැටියට අපි දකිනවා.”