ජාත්‍යන්තර වරෙන්තුකරුවෙක් වන චීන ජාතිකයෙක් මෙරටින් පිටුවහල් කෙරේ

ජාත්‍යන්තර වරෙන්තුකරුවෙක් වන චීන ජාතිකයෙක් මෙරටින් පිටුවහල් කෙරේ

චීනය තුළ එරට මුදල් ඒකකය වන යු ආන් මුදල් මහා පරිමාණයෙන් වංචාකර ජාත්‍යන්තර පොලිසියෙන් නිල් වරෙන්තු ලබා සිටි, චීන ජාතිකයෙකු ඊයේ (04) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටුවහල් කර තිබේ.

28 හැවිරිදි මෙම චීන ජාතිකයා එරට මහා පරිමාණ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චීනයට අවශ්‍යව සිටි පුද්ගලයෙකි.

මොහු ඉකුත් 03 දින මාළදිවයින සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර, මොහු පැමිණි මාළදිවයින වෙත ඊයේ රාත්‍රී 08.35 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයෙන් පිටුවහල් කර තිබේ.