මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 22ක් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 22ක් අත්අඩංගුවට

ජනාධිපතිවරණයට අදාළ නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 22 දෙනෙකු ජුලි 26 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ලැබුණු පැමිණිලිවලට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් ඊයේ (04) මාධ්‍යට කරුණු දක්වමින් ඒ මහතා පැවසුවේ, ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පොලීසියට පැමිණිලි 173 ක් මෙන්ම එම කාලය තුළ වාහන 4ක් ද පොලීසිය භාරයට ගෙන ඇති බවය.

ඉන් පැමිණිලි 119 ක්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අපරාධම වශයෙන් ගැනෙන පැමිණිලි 54 ක්ද ඒ අතර වේ.

“මැතිවරණයට අදාළව පැමිණිලි 173ක් වාර්තා වෙලා තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුවට.

එම පැමිණිලි අපි වර්ග කරනවා අපරාධමය ස්වභාවයේ පැමිණිලි සහ මැතිවරණ නීති උල්ලංගනය කිරීමේ පැමිණිලි කියලා.

මැතිවරණ නීති උල්ලංගනය කිරීම්වලට අදාළය පැමිණිලි 119ක් අපරාධමය ස්වභාවයේ පැමිණිලි 54ක් විදියට මේ 173 වර්ග කරලා තියෙනවා.

විශේෂයෙන්ම පහරදීම් අනර්ථය සිදුකිරීම් ගිනි තබා යම් කිසි ආකාරයකට විනාශ කිරීම් වැනි දේවල්.

මේ වන විට ආධාරකරුවන් 22ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම පෞද්ගලික වාහන 4ක් අත්අඩගංවට අරගෙන තියෙනවා.”